Friday, September 20, 2024

General line - 0115112241

මුරලිගේ උපදෙස් මදිවී කැන්ගරුවන්ට ‘සංගාගේ‘ උපදෙසුත් ඕනෑ වෙයි!



සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරඟය නිමා වූයේ ශ්‍රීලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක් අත් කර දෙමින්.

මෙම තරඟාවලිය ආරම්භ වීමට පෙර සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඕස්ට්‍රේලියාවේ පුහුණුකරුවෙකු වීම ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් වුණා.

කෙසේ වෙතත් මුරලිදරන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකාරිත්වය භාරගෙන තිබුණේ දින 10කට පමණයි.

තත්වය මෙසේ තිබියදී ඕස්ටේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගෙන් පිතිකරණ උපදෙස් ලබා ගත යුතු බව ඇතැම් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා පවසනවා.

පසුගිය දිනෙක එංගලන්තයේ අන්තර්ජාල සඟරාවක වන ‘All Out Cricket’, සමග සම්මුඛ සාකච්චාවකට එක්වූ සංගක්කාර දඟපන්දු යවන්නනට පහර දිය යුතු ආකාරය පිළිබඳව සිය අදහස් දක්වා තිබුණා.

සංගක්කාර එහිදී කියා තිබුණේ ඉතා ශක්තිමක් ආරක්ෂාකාරි පහරවලුත්,පන්දුව නිසි ලෙස තෝරා බේරා ගැනීමත් දඟපන්දු යවන්නන්ට සාර්ථක වීමේ මූලික පියවරයන් බවයි.

එමෙන්ම ස්වීප් පහර මෙන්ම රිවර් ස්වීප් පහරද දගපන්දු යවන්නට එරෙහිව සාර්ථක වීමට ප්‍රබල සාධකයක් බව ඔහු කියනවා.

තවද තමාගේ පාද වල ක්‍රියාකිරිත්වයද සාර්ථකත්වයට බලපාන බව ඔහු කියනවා .

දක්ෂ ක්‍රීඩකයන් දග පන්දුවට එරෙහිව හොදින් තමාගේ පාද හසුරවන බවද ඔහු කියනවා.

තවද සෑම විටම ලකුණ දෙක ගසමින් අන්ත දෙක මාරු කරගැනීම ද සිදුවිය යුතු බව ඔහු පවසනවා.එක් පන්දු යවන්නෙකුට ස්ථාවර වුවහොත් කඩුලු දැවී යාමේ අවස්ථාව වැඩි බවයි ඔහු පවසන්නේ.

දග පන්දු යවන්නෙකුට මුහුණ දීමේදී හොඳ ආත්ම විශ්වාසයකින් ක්‍රීඩා කල යුතු බවත් එවිට දඟ පන්දු යවන්නාගේ ධෛර්ය බිඳ වැටෙන බවත් සංගක්කාර පවසා තිබෙනවා.

බිය යනු සෑම විටම නැති කළ යුතු දෙයක් පවසන සංගා, ක්‍රීඩකයෙකු දැවී යාමට බිය වූවහොත් අත්වැරැද්දක් වීමේ ඇති ඉඩකඩ වැඩි බව පවසනවා.තවද තම බිය ඉදිරියට යාමටත් නව දේ ඉගනීමට බාධාවක් බව ඔහු පවසනවා..

ඕස්ට්‍රේලියානු මාධ්‍ය පවසා සිටියේ ලොව පස්වන වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා සහ ශ්‍රීලංකාවේ ක්‍රීඩාකර මහත් අත්දැකීම් ඇති සංගක්කාරගේ උපදෙස් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ග්‍රහණය කරගත යුතු බවයි.