Monday, May 6, 2024

General line - 0115112241

අගමැති සාක්ෂි දෙයි




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අද (23) දෙවන දිනටත් එහි පැමිණියා.

මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමේදී සිදු වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි අග්‍රාමාත්‍යවරයා ජනපති කොමිසම හමුවට කැඳවා තිබෙන්නේ.

පසුගිය 18 වැනිදා අග්‍රාමාත්‍යවරයා මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණද වෙනත් වැඩසටහනකට සහභාගී වීමට සිදුව ඇති බැවින් එදින පැමිණීමට නොහැකි බව දැනුම් දී තිබුණා.