Tuesday, April 30, 2024

General line - 0115112241

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වේ




ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද එළිදැක්වෙනවා. 

ඒ, කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීයි. එක් එක් ක්ෂේත‍්‍රවල සංවර්ධනයට අදාළව මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ. 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහය දක්වන සියලූ කණ්ඩායම් මෙම අවස්ථාවට එක්වන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් පැවසුවේ.