Thursday, May 16, 2024

General line - 0115112241

ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකි




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කොළඹ, නෙළුම් පොකුණ රගහලේදී අද එළිදැක්වුණා. 

මෙය නම් කර ඇත්තේ ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම යනුවෙන්. විවිධ වෘත්තීන් සහ ජන කණ්ඩායම්වලින් ලබාගත් යෝජනා ඇසුරෙන් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කර තිබෙනවා. 

මහා සංඝ රත්නය සහ ආගමික නායකයින් මෙන්ම විවිධ ක්‍ෂේත‍්‍ර නියෝජනය කරමින් නෙළුම් පොකුණ රගහල වෙත පැමිණි සිටි නියෝජිතයන් වෙත ගෝඨාභය රාජපක්‍ෂ විසින් සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මෙහිදි පිළිගනු ලැබුවා.