Thursday, May 2, 2024

General line - 0115112241

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමේ (PHOTOS / UPDATE)

පාලිත ආරියවංශ / ජයන්ත වීරසේකර-වැල්ලවාය




නායයෑමේ අවදානමක් හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශ පැවසුවේ එම මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ නාය ගිය ස්ථානයක් බදුල්ල දිස්ත්‍රීක් ලේකම් දමයන්ති පරනගම විසින් නිරීක්ෂණය කිරීමෙන් පසු එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරනය කර ඇති බවයි.

එම මර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද බදුල්ල දිස්ත්‍රීක් ලේකම්වරිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

......................................................................................................

ඇල්ල-වැල්ලවය මාර්ගය භාවිතා කිරීමේදී කල්පනාකාරී වන්න (PHOTOS)

(25-10-2019 12:56)

ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇල්ල ආසන්න ප්‍රදේශයේ අද (25) උදෑසන නාය යෑමක් සිදු වී ඇත. මෙලෙස ඇද වැටුණු පස් සහ ගල් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ඇද වැටී ඇති අතර එම නිසා ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බධා ඇතිවුණා.

ආපදා කලමනාකරන ඒකකය සහ පොලිසිය එක්ව මෙම පස් ඉවත් කර මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කල අතර තවමත් එම ස්ථානය අවදානම් බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරන ඒකකය සදහන් කර සිටිනවා.

අද පස්වරුවේ දී වර්ෂාපතනය ඇද වැටුන හොත් මෙම මාර්ගය තවත් අවදානම් වන බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස රියදුරන් වෙත දැනුම් දීමක් කරන බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරන ඒකකය වැඩිදුරටත් සදහන් කර සිටිනවා.