Thursday, May 2, 2024

General line - 0115112241

ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් සහ මැතිවරණ කොමිසමේ සභාපති අතර හමුවක් 




ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සමඟ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ජන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම, ජන්ද මධ්‍යස්ථාන වලට එල්ලවිය හැකි බලපෑම් අවම කර ගැනීම, අවතැන් කඳවුරු පිහිටුවීමට සිදුවහොත් ඒ එහි සිටින ජන්ද දායකයින් ජන්ද පොලවල් වෙත ගෙන යන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජාවට බඳුන්වූ බවයි සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් සඳහන් කලේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී යම් ආකාරයකින් ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව විශේෂ වැඩපිළිවලක් සකස් කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.