Thursday, May 2, 2024

General line - 0115112241

සරසවි සිසුන් 52 දෙනාට ඇප : එක් අයෙක් රිමාන්ඩ්




නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වෙමින් කොළඹ, ලෝටස් වටරවුමේ දී උද්ඝෝෂණයක නිරතවීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලැබූ විශ්ව විද්‍යාල සිසුවියක් ඇතුළු සිසුන් 52 දෙනා ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරන ලැබුවා. ඒ එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මතයි.

එම චෝදනාව සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ  විශ්ව ධනංජය සිල්වා යන සරසවි සිසුවා පමණක් නොවැම්බර් මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේ.

එම සැකකරු මින් ඉහත දී ද මෙවැනිම නඩුවක සැකකරුවකු ලෙස චෝදනා ලැබ ඇප මත නිදහස්ව සිටින බවත් ඔහුට අධිකරණය විසින් මින් පෙරද අවවාද කර ඇති බවට අනාවරණය වූ නිසා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා. 

ජිවන වියදමට සරිලන සේ මහපොළ ශිෂ්‍යාධාර ඉහළ දමන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ සිදුකරන ලද විරෝධතාවකදී පොලිසිය විසින් මෙම සරසවි සිසුන් 53 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.