Thursday, May 2, 2024

General line - 0115112241

කොටහේන සහ දෙමටගොඩ ප්‍රදේශයේ මාර්ග කිහිපයක් වසා තැබේ




සිදුකරනු ලබන ජල නළ ව්‍යාපෘතියක් හේතුවෙන් කොටහේන පොලිස් වසමේ ශාන්ත බෙනඩික්ට් මාවත, මෙෆිල්ඩ් පාර හන්දියේ සිට පරමානන්ද පන්සල හන්දිය දක්වා වන මාර්ගය අද (25) රාත්‍රියේ සහ ලබන නොවැම්බර් 01 වෙනිදා යන දිනයන්හි මාර්ගය වසා තැබීමට සිදුවන බව පොලිසිය සඳහන් කර සිටිනවා.

ඒ අනුව අද (25) සහ නොවැම්බර් මස 01 වෙනිදා රාත්‍රි 10 සිට උදෑසන 5 දක්වා මාර්ගය වසා තැබීමට සිදුවන බැවින් එම කාලය තුලදී රියදුරන් විකල්ප මාර්ග ලෙස වාසල පාර සහ මෙෆිල්ඩ් පාර භාවිතා කළ හැකි බව පොලිසිය සඳහන් කරයි.

මිට අමතරව දෙමටගොඩ, ජේ.ඩි. ප්‍රනාන්දු මාවතේ ජලනල එළීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් දින 03 ක කාලයක් වසා දැමීමට සිදුවන බැවින් එම කාල සීමාවේදී දෙමටගොඩ පාර සහ ආනන්ද රාජකරුණා මාවත විකල්ප මාර්ග ලෙස භාවිතා කළ හැකි බව පොලිසිය සඳහන් කරයි.

දෙමටගොඩ ප්‍රදේශයේ ජල නළ එළීමේ ව්‍යාපෘතිය හේතුවෙන් මාර්ග වසා තැබෙන දිනයන් සහ වේලාවන් පහත දැක්වේ :