Saturday, May 11, 2024

General line - 0115112241

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ විගණනයක්




2015 වසරේ පෙබරවාරි මස 27 වනදා සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් පැවැත්වීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් කටයුතු කරන බව නීතිපතිවරයා, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න වෙත අද දැනුම් දුන්නා. 

ඒ, බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පවතින මහේස්ත‍්‍රාත් පරීක්ෂණයට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණි ගිරාගම අධිකරණය හමුවේ කියා සිටියේ, පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් පුද්ගලික සමාගමට අනුබද්ධිත සමාගමක් වන උගඵග මෙන්ඩිස් සමාගමේ බැංකු ගිණුම් පිළිබඳවද පරීක්ෂණ සිදු කෙරෙන බවයි. 

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශී‍්‍ර ලංකා මහ බැංකුව අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කරන බව ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණි ගිරාගම අධිකරණයට දැනුම් දුන්නා. 

වැඩිදුර මහේස්ත‍්‍රාත් පරීක්ෂණය මාර්තු මස 03 වනදා තෙක් කල් තැබීමටයි අධිකරණය එහිදී නියෝග කළේ.