Thursday, May 16, 2024

General line - 0115112241

SB ගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබිම ගැන ගෝඨාභය කණගාටුව පළ කරයි




පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායකගේ ආරක්ෂක භටයින් විසින් පොල්පිටිය, ගිනිගත්හේන ප්‍රදේශයේදි සිදුකරන ලද වෙඩි තැබිම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.

සිය නිල ට්විටර් ගිණුමේ ඔස්සේ සටහනක් තබමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙය සත්‍යය සිදුවිමක් නම් ඒ පිළිබදව අදාල වගකිවයුතු අංශ විසින් වහාම පියවර ගත යුතු බවයි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ ට්විටර් සටහන පහතින් දැක්වේ.