Thursday, May 16, 2024

General line - 0115112241

හිටපු යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයා ඇතුළු 07 කට එරෙහිව නීතිපති නඩු පවරයි




මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හත් දෙනෙක්ට එරෙහිව නීතිපතිවරයා විසින් අද (07) හෝමාගම මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

2009 වර්ෂයේ අගෝස්තු මාසයේ 27 වනදාට ආසන්න දිනයකදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ගිරිතලය, හබරණ සහ කොට්ටාව ප්‍රදේශයේදී කුමන්ත්‍රණය සිදුකල බවට නීතිපතිවරයා විසින් මෙම හිටපු යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව චෝදනා නගා තිබෙනවා.

ඒ අනුව හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ලූතිනන් කර්නල් ශම්මි කුමාරරත්න, ලූතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, ටී. කේ රාජපක්ෂ, ඩිලන්ජන් උපසේන, එස්.කේ. උළුගෙදර, රවීන්ද්‍ර රූපසේන සහ හේමචන්ද්‍ර පෙරේරා යන නිලධාරීන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇති බව සඳහන්.