Thursday, May 16, 2024

General line - 0115112241

SB ගේ ආරක්ෂකයින් දෙදෙනා රිමාන්ඩ් 

රංජිත් රාජපක්ෂ - හැටන්




ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කරේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (07) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් මන්ත්‍රි එස්.බි.දිසානායකගේ ආරක්ෂාව භාරව කටයුතු කළ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනා මේ මස 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජේ. ස්ට්‍රොස්කි මහතා නියෝග කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනාව ගිනිගත්හේන පොලිසිය විසින් අද දහවල් හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම සැකකරුවන් දෙදෙනාව ලබන නොවැම්බර් මස 11 වෙනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ.

ගිනිගත්හේන පොලිසිය මගින් සැකකරුවන් දෙදෙනා සම්පුර්ණයෙන්ම මුහුණු ආවරණය කර හැටන් මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.