Wednesday, May 8, 2024

General line - 0115112241

පෙත්සමක් ඉවත දැමෙයි




දේශපාලන පක්‍ෂ ජාතිවාදී හෝ ආගම්වාදී නම්වලින් ලියාපදිංචි වී ජාතිවාදී හෝ ආගම්වාදී අරමුණු මත කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොණුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීරණය කළා.

ඒ පෙත්සමේ තාක්‍ෂණික ගැටලුවක් හේතුවෙන්. මූලික අයිතිවාසිකම් පෙත්සමක් අදාළ මූලික අයිතිවාසිකම කඩවී මාසයක් ඇතුළත ගොණුකළ යුතු වනවා. එහෙත් මෙම පෙත්සම ගොණුකර ඇත්තේ ප‍්‍රමාද වී බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නීරීක්‍ෂණය කර තිබෙන්නේ.

ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, නව සිහළ උරුමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, බොදුජන පෙරමුණ ඇතුළු පක්‍ෂ 20 ක් 2015 මැතිවරණයේදී ජාතිවාදී හෝ ආගම්වාදී අරමුණුවලින් කටයුතු කර ඇතැයි අදාළ පෙත්සමේ දැක්වුණා. මෙම පෙත්සම ගොණුකර තිබුණේ ජනාධිපති නීතිඥ ප‍්‍රශන්ත ලාල් අල්විස් විසින්.