Thursday, May 2, 2024

General line - 0115112241

ජනපතිගේ පළමු විදේශ සංචාරයට එක්වන දූත පිරිස දස දෙනෙකුට සීමා කෙරේ




මේ මස 29 වනදා සිදු කිරීමට නියමිත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට එක්වන ශ‍්‍රී ලංකා දූත පිරිස දස දෙනෙකුට සීමා කර තිබෙනවා. 

කිසිදු කැබිනට් අමාත්‍යවරයකු එම සංචාරය සඳහා එක් කර නොගැනීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ. 

මුදල්, ආරක්ෂක, විදේශ කටයුතු යන අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු පිරිසක් සංචාරයට එක්වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල විදේශ සංචාරය වන ඉන්දීය සංචාරයට  එක්වන්නේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනාවකට අනුවයි.