Thursday, May 2, 2024

General line - 0115112241

රුවන්වැලි මහා සෑයේ නව චූඩාමාණික්‍ය මහජන ගෞරවය සඳහා සලපතල මළුවට




අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේට පැළඳවීමට නියමිත රන් පාදම සහිත චූඩාමාණික්‍යය මහජන ගෞරවය සදහා ප‍්‍රදර්ශනය කිරීම අද  සිට රුවන්වැලි මහා සෑ සලපතල මළුවේදී ආරම්භ වනවා. 

ඒ පිළිබඳ කරුණු දැක්වූ නුවර කලාවියේ ප‍්‍රධාන සංඝනායක ස්වර්ණමාලී චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ.

රන් පාදම සහිත චූඩාමාණික්‍යය මහා සෑ රදුන් මත පැළදවීම සිදු කෙරෙන්නේ මේ මස 25 වනදායි. 

රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කිරීම මේ මස 26 වනදා සිදු කිරීමට නියමිත බවද ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වැඩිදුරටත් සඳහන් කළා.