Thursday, May 2, 2024

General line - 0115112241

නව අගමැති මහින්ද, මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකී




අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) මල්වතු සහ අස්ගිරි නාහිමිවරුන් බැහැ දුටුවා. ඒ, අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගැනීමෙන් අනතුරුවයි.

පසුව අස්ගිරි මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් එහිදී මෙලෙස අග්‍රාමාත්‍යවරයා වෙත අනුශාසනාවක් ද සිදු කළා.