Tuesday, April 30, 2024

General line - 0115112241

රුවන්වැලි මහා සෑ වෙත පැළඳ වූ නව චූඩා මාණික්‍ය සහිත කොත නිරාවරණය කෙරේ (PHOTOS)




අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් වෙත අභිනවයෙන් පළඳවන ලද නව චූඩා මාණික්‍ය සහිත කොත අද (26) පෙරවරුවේ නිරාවරණ කෙරුණා. 

රන් පාදමක් සහිත මෙම නව චූඩා මාණික්‍ය රුවන්වැලි මහා සෑ රදුන් වෙත පැළඳවීම සිදුකෙරුණේ ඊයේ (25) පස්වරුවේයි. අද පෙරවරුවේ එය නිරාවරණ කිරීම මහා සංඝ රත්නයේ වැඩමවීමෙන් සහ සැදැහැවතුන්ගේ සාධු නද මධ්‍යයේ සිදු කෙරුණා.

දුටුගැමුණු රජතුමන් විසින් ඉදිකරන ලද රුවන්වැලි මහා සෑය, මීට පෙර අවසන්වරට ප‍්‍රතිසංස්කරණය කර චූඩාමාණික්‍ය පැළඳවීම සිදුකෙරුණේ 1939 වසරේදීයි. එම චූඩාමාණික්‍ය පළුදු වී දුර්වර්ණ වීම නිසා නව චූඩාමාණික්‍ය පැළඳවීමට පියවර ගැනුණා.
මෙම නව චූඩා මාණික්‍ය නිර්මාණය කර ඇත්තේ දුර්ලභ පළිගුවක් යොද ගනිමින්. රන් පාදමද සහිතව එහි බර කිලෝග‍්‍රැම් 60 කට වැඩියි. ස්වභාවික නිල් මැණික් සහ රතු මැණික් ඇතුළු මැණික් ගල් 5,320 ක් ද පිරිසිදු රත්රන් කිලෝග‍්‍රෑම් 28 ක් ද පාදම නිර්මාණය සදහා යොදාගෙන තිබෙනවා. මෙම රන් පාදමෙහි උස අඩි 3 ක්.