Saturday, May 11, 2024

General line - 0115112241

විපක්ෂ නායක අර්බුධය පිළිබඳව සාකච්ඡා කරන්න රනිල්, සජිත් හමුවෙයි




එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස අතර හමුවක් ඊයේ සිදුව තිබෙනවා. ඒ, පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.  

කතානායක කරූ ජයසුරිය මහතා ද මෙම සාකච්ඡාවට එක්ව ඇති අතර එම සාකච්ඡාව පවත්වා ඇත්තේ කතානායක නිල නිවසේදීයි. 

මේ අතර මෙම සාකච්ඡාවට ප‍්‍රථම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතර තවත් සාකච්ඡාවක් පැවැත්වූුණා. 

දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන්ද එම සාකච්ඡාවට එක්ව ඇති අතර ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ඉදිරියේදී විපක්ෂ නායක ධූරයට සජිත් පේ‍්‍රමදාස නම් කරුනු ඇති බවයි. 

මේ අතර ඉකුත් බ‍්‍රහස්පතින්දා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරීන් කොළඹ පිහිටි විපක්ෂ කාර්යාලය වෙත ගොස් එය පරික්ෂා කර බලා ඇති බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස සිටි සමයේ භාවිත කළ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලය සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය මෙතෙක් නැවත භාර දී නොමැති අතර ලබන බ‍්‍රහස්පතින්දා එම කාර්යාල දෙකම එක්සත් ජාතික පක්ෂය වෙත භාර දීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.