Saturday, May 11, 2024

General line - 0115112241

ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය ගැන විමර්ශන ඇරඹේ




ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක් පැහැර ගත් බවට පැතිර යන පුවතක් පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. 

විමර්ශන ආරම්භ කරමින් ස්විට්සර්ලන්ත තානාපතිවරයාද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනුවත් කර විමර්ශන සදහා අවශ්‍ය වැඩිදුර තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. 

ඒ අනුව ඊයේ දිනයේදී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සතු තොරතුරු කිහිපයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවද පොලිස් මූලස්ථානය සදහන් කළා. 

විමර්ශනය සදහා සහයවීම පිණිස කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් සමීප රූප ආවේක්‍ෂණ කැමරා කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්ද පත් කර තිබෙනවා. 

මෙම පැහැර ගැනීම සිදුකළ බව කියන සැකකරුවන් වින්දිත තැනැත්තියට තර්ජනය කරමින් පවසා ඇත්තේ ඔවුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන බව නමුත්, එය විමර්ශකයින් නොමග යැවීම සදහා සිදුකර ඇති ප‍්‍රකාශයක් බවද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.