Friday, May 10, 2024

General line - 0115112241

නායයෑමේ අවදානමක් හේතුවෙන් මඩොල්සිම පවුල් 35 ක් ඉවත් කෙරේ




නායයාමේ අවදානමක් හේතුවෙන් මඩොල්සිම වතුයයාට අයත් ගල්උල්ලවත්ත ඩුමෝ කොටසේ පවුල් 35 ක් ඉවත් කර තිබෙනවා. ඔවුන් ගල්උල්ල දෙමළ විද්‍යාලයේ තාවකාලිකව රඳවා සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර, රත්නපුර, බදුල්ල, කෑගල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව නායයාම් පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නැවත සිහිපත් කළා.