Friday, May 10, 2024

General line - 0115112241

එජාප අර්බුදයට සජිත් පිල අදම තීන්දුවක් ඉල්ලයි




පක්‍ෂ නායකත්වය සහ විපක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවලට අද පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී විසදුමක් ලබාගත යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසනවා.

එසේ නොවුනහොත් පක්‍ෂයේ පවතින අර්බුද උග‍්‍රවනු ඇති බවයි මන්තී‍්‍රවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියාසිටියේ. 
 

කෙසේවෙතත් ඊයේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නවීන් දිසානායක පැවසුවේ පවතින ගැටළු විසදා ගැනීමට යම්කිසි කාලයක් ගතවනු ඇති බවයි.