Saturday, May 18, 2024

General line - 0115112241

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ

රංජිත් රාජපක්‍ෂ




නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වෙඩි බෙහෙත් ග්‍රෑම් 70, ඇමෝනියම් කුඩු කිලෝ 2 යි ග්‍රෑම් 100 ක්, විදුලි නොවන ඩෙටනේටර් 21 සහ සේවානූල් මීටර් 70 ක් ඒ අතර වන බවයි. 

එම පුපුරණ ද්‍රව්‍ය සොයාගත් නිවස, ගිනිගත්හේන දියගල හරහා මස්කෙළිය ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ සේවකයන් පිරිසකට කුලී පදනම මත ලබාදී තිබුණු බවයි අනාවරණ වී ඇත්තේ. ඔවුන් එම නිවසෙන් පිටව යාමෙන් පසු අයිතිකරු විසින් නිවස සුද්ද පවිත්‍ර කරන අදාළ පුපුරණ ද්‍රව්‍ය දැක තිබෙනවා. නිවසේ අයිතිකරු ඒ පිළිබද නෝටන්බ්‍රිජ් පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව ඒවා පොලිස් භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.