Wednesday, May 8, 2024

General line - 0115112241

මන්ත්‍රීකම නැතුවත් වාහනය භාවිතා කරලා




අග‍්‍රාමාත්‍ය කාර්යාලයට අයත් වාහනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සැක කෙරෙන දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පී.එච්. පියසේන ලබන 5 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයක් අනුවයි.

අදාළ වාහනය පී.එච් පියසේන මන්තී‍්‍රවරයෙකුව සිටි සමයේ ඔහුට ලබාදී තිබුණා. මන්තී‍්‍ර ධුරය අහෝසි වීමෙන් පසුවත් ඔහු එම වාහනය ආපසු භාරදී නොමැති බවයි අධිකරණයේදී ප‍්‍රකාශ කෙරුණේ.