Saturday, May 18, 2024

General line - 0115112241

ජාතික රුක්රෝපණ වැඩසටහනට එක්වෙමින් ජනපති නව වසරේ වැඩ අරඹයි




“ හැදෙන රටට - වැඩෙන ගසක් ” තේමාව කර ගනිමින් පැළ දස ලක්‍ෂයක් සිටුවීමේ ජාතික රුක්රෝපණ වැඩසටහනට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාද අද (01) පෙරවරුවේ එක් වුණා. මිරිහානේ පිහිටි සිය නිවාස පරිශ්‍රයේ පැළයක් රෝපණය කරමින් අද දීපව්‍යාප්තව ආරම්භ වූ එම වැඩසටහනට ජනාධිපතිවරයා සිය සුබපැතුම් එක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ශ්‍රි ලංකාව සතු සියයට 29 ක් වූ වනගහණය ඉදිරි පස් වසර තුළ සියයට 32 දක්වා වැඩි කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පරිසර ප්‍රතිපත්තියට සමගාමීව  රටපුරා වසරකට පැළ දස ලක්‍ෂයක් සිටුවීමේ ජාතික රුක්රෝපණ වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.