Saturday, May 18, 2024

General line - 0115112241

කන්කසන්තුරේ වරාය පුළුල් කරන්නැයි ඇමති ජොන්ස්ටන්ගෙන් නිලධාරීන්ට උපදෙස්




කන්කසන්තුරේ වරාය පුළුල් කිරීම සහ නව සංවර්ධන කටයුතු ඇරඹීම සදහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නැයි අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එම වරායෙහි නව පර්යන්තයක් ඉදිකිරීම, පැරණි පර්යන්තය ප‍්‍රතිසංස්කරණය කිරීම, නව ගැඹුරු ජැටියක් ඉදිකිරීම සහ තවත් සංවර්ධන වැඩසටහන් කිහිපයක් කි‍්‍රයාත්මක කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.

කන්කසන්තුරේ වරායේ දැනට පවතින පර්යන්තය වෙත පැමිණෙන නෞකාවන්ගේ ධාරිතාව ටොන් 300 ත් 400 ත් අතර වනවා.

එහෙත් වරාය වෙත වැඩි ධාරිතාවකින් යුත් විශාල නෞකා ආකර්ශනය කර ගැනීම අත්‍යවශ්‍ය බැවින් නව පර්යන්තයක් ඉදිකිරීම සදහා අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවයි වරාය, නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය සදහන් කළේ.