Saturday, May 18, 2024

General line - 0115112241

මොරොන්තුඩුවේ මාරක රිය අනතුරක් : සිව්දෙනෙක් ජිවිතක්ෂයට 




මොරොන්තුඩුව පොලිස් වසමේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා. මෙම අනතුර අද (03) සවස සිදුව තිබෙනවා.

මොරොන්තුඩුව, බණ්ඩාරගම මාර්ගයේ ඉපිලිස්ස පාලම ආසන්නයේදී ටිපර් රථයක් ත්‍රිරෝද රථයක සහ පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනා සහ පා පැදිකරු තුවාල ලබා ඇති අතර ඔවුන්ව ගෝනදුව සහ කලුතර, නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔවුන් සිව්දෙනාම ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.