Tuesday, April 30, 2024

General line - 0115112241

ඉරානයට දැඩි සම්බාධක පනවනවා - ජනාධිපති ට්‍රම්ප් ජාතිය අමතා කියයි




ඉරාකයේ පිහිටි සිය ගුවන් කඳවුරුවලට ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් කිසිදු ජිවිත හානියක් සිදුනොවූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටිනවා.

ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ  තම සෙබළුන් ආරක්ෂා සහිතව සිටින බවයි.

තමන් එල්ල කළ ප්‍රහාර වලින් අමෙරිකානු සෙබළුන් 80 දෙනෙක් ජිවිතක්ෂයට පත්වු බව ඉරානය මිට කලින් ප්‍රකාශ කර සිටියා.

අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගිය ඉරාන විප්ලවවාදී හමුදාවේ මේජර් ජෙනරල් කසේම් සුලෙයිමානී ලොව ප්‍රබලම ත්‍රස්තවාදියෙකු බවයි මෙහිදි අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර සිටියේ.

2015 වර්ෂයේ ඇති කර ගත් ඉරාන න්‍යෂ්ඨික ගනුදෙනුව දැඩිව විවේචනය කළ අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ලෝකය සුරක්ෂිත සහ සාමකාමී ස්ථානයක් බවට පත් කිරීමට නම් ඉරානය සමඟ ගනුදෙනුවක් කිරීමට සැවොම එක්විය යුතු බවයි.

මැදපෙරදිග ඉන්ධන අමෙරිකාවට අවශ්‍ය නොවන බවයි මෙහිදි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

තමන් බලයේ සිටින තාක් ඉරානයට කිසිදු විටක න්‍යෂ්ටික අවි භාවිත කිරිමට ඉඩ නොදෙන බවද ඔහු කියා සිටියා.

එමෙන්ම ඉදිරියේදි ඉරානයට එරෙහිව දැඩි සම්බාධක පැනවිමට පියවර ගන්නා බවත් එල්ලවු ප්‍රහාරයට පිලිතුර එය බවද මෙහිදි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා කියා සදහන් කර සිටියා.

ඉරානයට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරිමට අමෙරිකානු ජනාධිපතිවරයා පියවර නොගැනිම සම්බන්ධයෙන් ලොවපුරා අවධානයට ලක්ව තිබෙනවා.