Monday, April 29, 2024

General line - 0115112241

හැරී කුමරු සහ මේගන් රජපවුලෙන් ඈත් වෙයි




බ්‍රිතාන්‍ය රජපවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ලෙස තවදුරටත් පෙනී නොසිටින බව හැරී කුමරු සහ මේගන් මාකල් පවසනවා. විදෙස් වාර්තා පැවසුවේ නිවේදනයක් මගින් ඔවුන් මේ බව ප්‍රකාශයට පත්කර ඇති බවයි. ඒ අනුව මුළ්‍යමය වශයෙන් ද තමන් ස්වාධීන වන බවයි හැරී සහ මේගන් පවසන්නේ.

කෙසේවෙතත්, අදාළ තීරණය සම්බන්ධයෙන් හැරී කුමරු සහ මේගන් මාකල්, දෙවැනි එලිසබෙත් රැජින, චාල්ස් කුමරු හෝ විලියම් කුමරු දැනුවත් කර නොමැති බව ද සඳහන්. රාජකීය භූමිකාවෙන් බැහැරවීමට හැරී කුමරු හා මේගන් ගත් තීරණය පිළිබඳ රජපවුලේ සාමාජිකයින් දැනුවත් වී ඇත්තේ ඒ බව රූපවාහිනිය නාලිකා මගින් ප්‍රචාරය වීමේදී බවයි වාර්තා වන්නේ. 

මේ සමග රජපවුලේ සියලු සාමාජිකයින් වික්ෂිප්ත භාවයට පත්ව ඇතැයි බකිංහැම් මාලිගයේ ආරංචි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.