Tuesday, April 30, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට යළි ආපදා තත්ත්වයක්




ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට යළිත් වරක් ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, පාලනය කළ නොහැකි ලෙස ප්‍රාන්තය තුළ පැතිර යමින් තිබෙන ලැව්ගිනි හේතුවෙන්. 

ප්‍රාන්තය හරහා හමා යන ප්‍රබල සුළං ප්‍රවාහයන් සහ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට (10) දිනයේදී ලැව්ගිනි තවදුරටත් දරුණු ලෙස ව්‍යාප්ත වෙනු ඇති බවටයි කාලගුණ අංශ අනතුරු අගවා ඇත්තේ. 

ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට පැතිර යමින් ඇති මෙම ලැව්ගිනි හමුවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ පමණක් හෙක්ටයාර මිලියන1.2 ක භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.