Friday, May 17, 2024

General line - 0115112241

ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරු රනින් පිදේ 




ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තම පාරිභෝගිකයින් වෙත සේවය සැපයීමේදී පවත්වාගෙන යනු ලැබූ ව්‍යාපාර විශිෂ්ටත්වය සහ තිරසාරභාවය සඳහා වූ කැපවීම යළි යළිත් තහවුරු කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් 16 වැනි වරට පවත්වන ලද "2019 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන”උළෙලේදී  "යටිතල පහසුකම් සහ උපයෝගිතා” අංශයේ රන් සම්මානය දිනා ගනු ලැබුවා.

කොළඹ හිල්ටන් හෝටලයේදී පසුගියදා පැවති මෙම සම්මාන උළෙලේදී ටෙලිකොම් සමාගම  වෙනුවෙන් ටෙලිකොම් සමූහයේ ප්‍රධාන මුල්‍ය නිලධාරී සංජීව සමරනායක සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනයක විසින් සම්මානය ලබාගන්නා ලදී.

ජාතික වාණිජ මණ්ඩලය විසින් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල වාර්ෂිකව පවත්වනු ලබන්නේ ආදර්ශවත් ව්‍යාපාරික භාවිතයන් තුළින් රටේ සමාජ ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සපයන සමාගම් ව්‍යාපාරිකයින් සහ ව්‍යාපාරික ආයතන ඇගයීමේ අරමුණින්.