Saturday, July 27, 2024

General line - 0115112241

ලිප්ටන් ටීස් ඇන්ඩ් ඉන්ෆියුෂන් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් දිගුකාලීන හවුල්කාරීත්වයකට




ලිප්ටන් ටීස් ඇන්ඩ් ඉන්ෆියුෂන් සමාගම කෙන්යාව, රුවන්ඩාව සහ ටැන්සානියාව යන රටවල පිහිටි සිය තේ වතු බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම වෙත පැවරීමේ හවුල්කාරීත්වයකට එකඟ වී තිබෙනවා.

ඒ අනුව එම රටවල සියලු තේ වගාවන් ගුණාත්මක, සාමාජීය සහ පාරිසරික ආරක්ෂණයන් ආවරණය වන නව ප්‍රමිති මාලාවක් යටතේ වගා කර අලෙවි කිරීම ඉදිරියේදී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් සිදු කිරීමට නියමිතයි.

මෙම දිගු කාලීන හවුල්කාරීත්වය හරහා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම සෑම වසරකදීම තේ කිලෝග්‍රෑම් මිලියන 87ක් පමණ අපනයනයට නියමිතයි.