Monday, April 29, 2024

General line - 0115112241

බැදුම්කර වෝහාරික විගණන වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයකට දින වෙන් වෙයි




බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ වෝහාරික විගණනයේ වාර්තාව සම්බන්ධයෙන් එළඹෙන 18 සහ 19 යන දෙදින පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට පක්‍ෂ නායකයින් එකඟතාව පළ කර තිබෙනවා. ඒ, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්‍ෂ නායක රැස්වීමේදීයි.

අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් එළඹෙන 20 වනදා විවාදයක් පැවැත්වීමටද අද පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.