විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධීව දිවයිනට රැුගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුවේට් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසුවේ.
කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගේ ගමන් මල්ලේ සගවා තිබූ දුම්වැටි 35,240 ක් අඩංගු දුම්වැටි කාටුන් 176 ක් මෙහිදී සොයා ගැණුනා.
එහි වටිනාකම රුපියල් දාහත් ලක්‍ෂ 62,000 ක්.