Monday, May 6, 2024

General line - 0115112241

ලංකාවට එරෙහි සංචාරයේදී එංගලන්ත පිලේ ප්‍රබල ක්‍රීඩකයින් පිරිසක් ඉවතට




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන එංගලන්ත සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඉවත් කර තිබෙනවා. ඒ, ආබාධ හේතුවෙන්. ඒ අතරට ලොව පුරා දැඩි කථාබහක් ඇති කළ වේග පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි ආතර් ද අයත්. මීට අමතරව ප්‍රබල පිතිකරුවන් ජොනී බෙයාර්ස්ටෝ සහ ජෝශප් බර්න්ස් ද අයත් වනවා. 

ජේම්ස් ඇන්ඩර්සන් ද ශ්‍රී ලංකා තරඟාවලියට එක් නොවනු ඇති බවටයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරඟාවලිය ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි. 

මේ අතර සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලිය ලබන 22 වනදා ආරම්භ වනවා. තරඟාවලියට පන්දුවාර 20 ක්‍රිකට් තරඟ 02 ක් ඇතුළත්.