Monday, April 29, 2024

General line - 0115112241

කොරෝනා මඩින්න දකුණු කොරියාවෙන් අපූරු මෙහෙයුමක්




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වු පුද්ගලයින් ගැවසුනු ස්ථාන ප්‍රසිද්ධ කිරීමට දකුණු කොරියාව පියවර ගෙන තිබෙනවා. වෛරසය ආසාධනය වූ පිරිස් සමග සබඳතා පැවැත්වූ පිරිස් සිටීනම් ඔවුන්ට ඒ පිළිබඳ පූර්ව අවබෝධයක් ලබාගැනීමට හැකිවීම මෙහි අපේක්ෂාවයි.  

නව කොරෝනා වෛරසය ආසාධනයවී ඇති බවට මේ වනවිටත් තහවුරු වී ඇති දකුණු කොරියානුවන් සංඛ්‍යාව 29 ක්. ඒ අනුව එම 29 දෙනාගේම ජංගම දුරකථන තොරතුරු, හරපත් වාර්තා සහ ඔවුන් ගැවසුනු ස්ථාන සටහන් වී ඇති සී සී ටී වී දත්ත මෙන්ම ඔවුන්ගේ පොදු ප්‍රවාහන සේවා කාඞ්පත් ලබාගෙන ඒවායේ ඇතුළත් කරුණු මගින් එම පුද්ගලයින් ගැවුසුනු ස්ථාන පිළිබඳ තොරතුරු රැස්කර ගනු ලබනවා. අනතුරුව එම ස්ථාන පිළිබඳ එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට නියමිතයි.

අදාළ සැකකටයුතු ස්ථානවල ගැවසුනේ නම් තමන් කොරෝනා ආසාධිතයෙකු සමග සමීප සබඳතා පවත්වා ඇති බවට මහජනතාවට ඉන් අවබෝධයක් ලබාගත හැකි බවයි බලධාරීන් පවසන්නේ. 

නව කොරෝනා වෛරසය ආසාධනයවීමෙන් මේවනවිට පුද්ගලයින් 1,776 දෙනෙකු මියගොස් තිබෙනවා. වාර්තා වන ආසාධිතයින් සංඛ්‍යාව 71, 337 ක්.