Friday, September 20, 2024

General line - 0115112241

‘මා සිතේ යම් දෙයක් තිබුණා එය කීමටයි ලතවුනේ‘ – පෙම්වතිය එනතුරා ගුවන් තොටට වී දින 10ක් මග බලාසිටි තරුණයෙක්



සමාජ මාධ්‍ය ඔස්සේ හදුනාගත් සිය පෙම්වතිය පැමිණෙන තෙක් චීනයේ ගුවන්තොටුපළක දින 10ක් තිස්සේ බලා සිටි නෙදර්ලන්ත ජාතිකයෙකු පිලිබඳ පුවතක් විදෙස් මාධ්‍ය අණාවරනය කරනවා.

ඇලෙක්සැන්ඩර් පීටර් නම් 41 හැවිරිදි මෙම පුද්ගලයා චීනයේ හුනාන් ප්‍රදේශයට පැමිණ ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ හමුවූ ‘සැන්‘ නම් චීන ජාතික තරුණිය මුණ ගැසීම සඳහායි.

කෙසේ වෙතත් දින 10ක් තිස්සේ පෙම්වතිය එතැයි ගුවන් තොටුපළට වී අපේක්ෂාවෙන් සිටියත් ඇය පැමිණ නැහැ.

පසුව ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ගුවන්තොටුපළ බලධාරීන් මෙම පුද්ගලයා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මානසික ආතතිය, නින්ද නොමැතිකම සහ මෙම පුද්ගලයාට තිබූ දියවැඩියා තත්වය උත්සන්න වී තිබූ නිසා මොහු මෙසේ රෝගාතුර වී තිබු බව රෝහල් බලධාරින් ප්‍ර‍කාශ කර තිබුණා.

මීට මාස 2ට පමණ 26 හැවිරිදි චීන තරුණිය අන්තර්ජාලය ඔස්සේ හඳුනාගත් බවයි මෙම නෙදර්ලන්ත ජාතිකයා මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

අනතුරුව ඇය දැකගැනිමේ අපේක්ෂාවෙන් පැමිණියද කිසිවෙකු තමා හමුවීමට නොපැමිණි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා

කෙසේ වෙතත් මේ පිභිබඳව අදහස් දක්වමින් අදාල තරුණිය මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම පුද්ගලයා තමා හමුවීමට පැමිණෙන බව පැවසුවද තමා එය විස්වාස නොකල බවයි.

‘‘ඔහු දිනක් ගුවන් ප්‍රවේශ පත්‍ර‍යක ඡායාරූපයක් මට එව්වා..මා සිතුවේ එය විහිලුවක් ලෙසෙයි.නෙදර්ලන්තයේ සිට සැතපුම් 5400 දුර ගෙවාගෙන ඔහු මෙතරම් දුරක් පැමිණේවි යැයි මා සිතුවේ නැහැ‘‘යැයි ඇය වැඩිදුරටත් පවසා තිබුණා.

ඡායාරූප පහතින් නරඹන්න..

36CD886700000578-3719762-image-m-81_1470139968502

36CD88BD00000578-3719762-image-m-69_1470139809306

36CD882A00000578-3719762-image-m-67_1470139779918

36CD885F00000578-3719762-image-m-79_1470139948639

36CD889F00000578-3719762-image-m-73_1470139883560

36CD880300000578-3719762-image-m-71_1470139853455