Thursday, May 2, 2024

General line - 0115112241

ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාත් කොරෝනා වෛරසයට ගොදුරුවෙයි




ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය Iraj Harirchi ට කෝවීඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ වන විට ඉරානයේ කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 15ක් වාර්තා වන අතර වෛරසය පාලනය කිරිමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉරානයේ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 95 දෙනෙක් වාර්තාවී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කොරෝනා වෛරසය සමග සටන් කිරිමට අවශ්‍ය ආරක්‍ෂිත ඇඳුම්, වෛද්‍ය උපකරණ හිගයක් ඉරානයේ පවතින බවයි එරට මාධ්‍ය සඳහන් කර සිටින්නේ. අමෙරිකාව පනවා ඇති සම්බාධක ඊට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

මේ අතර ඉරානයේ නීති සම්පාදකයෙක් වන අහමඩ් අමිරාබ්දී ෆරහානී ප්‍රකාශ කර සිටියේ Qom නගරයේ පමණක් පුද්ගලයින් 250 කට අධික සංඛ්‍යාවක් කොරෝනා වෛරසයට ගොදුරුවී ඇති බවත් ඉන් 50 දෙනෙකු දැනටමත් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. සෞඛ්‍ය බලධාරීන් මෙම වසංගත තත්ත්වය පාලනය කිරිමට නිසි පියවර නොගත් බවට ඔහු චෝදනා එල්ල කර සිටියා.

මෙම චෝදනාවන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.