Thursday, May 2, 2024

General line - 0115112241

'රට තුළ නිරෝධායන වැඩපිළිවෙල අසාර්ථක වුණොත්' - වෛද්‍යවරු අනතුරු අඟවයි




කොරෝනා වෛරසය රට තුළ පැතිරයාම වැලැක්වීමට ක‍්‍රියාත්මක නිරෝධායන වැඩපිළිවෙළ අසාර්ථක වුවහොත් ශ‍්‍රී ලංකාවටද ඉතාලියට අත් වූ ඉරණම අත්විය හැකි බව වෛද්‍යවරුන් අනතුරු අඟවනවා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පෙන්වා දුන්නේ මෙරට ජනතාව තුළ මෙම රෝගී තත්ත්වය පැතිරීම වලක්වා ගැනීම සඳහා ආසාදනය විය හැකි බවට හඳුනා ගෙන ඇති පිරිස් නිරීක්ෂණය කිරීම අත්‍යාවශ්‍ය කරුනක් බවයි.

රට තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවට ගත හැකි කි‍්‍රයාමාර්ග පිළිබඳවද මෙහිදී සිහිපත් කෙරුණා.