Thursday, May 9, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය ගැන කාර්ය මණ්ඩල දැනුවත් කිරීම ඇරඹේ 




කොරෝනා වෛරසය ගැන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

එහි පළමුවැන්න අද (12) ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබෙනවා. රෝගය හඳුනාගැනීම ඉන් වැළකී සිටීම මෙන්ම ආරක්ෂාකාරීව ක්‍රියාකිරීම පිළිබඳව වෛද්‍ය දේශාන්ත දිසානායක විසින් ජනාධිපති කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.
 
මේ පූර්වාදර්ශය අනුව රාජ්‍ය , පෞද්ගලික දෙඅංශයේ සෑම ආයතනයකම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත. 

ආයතන කාර්ය මණ්ඩල තමන් ලබා ගන්නා දැනුම සිය පවුල්වල සාමාජිකයන්ට සහ සමාජයට ද බෙදා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. වෛරසය ව්‍යාප්තිය ජාතික උවදුරක් බවට වර්ධනය වීම වළක්වා ගැනීම වැඩසටහනේ අරමුණයි.
 
ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල් (පාලන) කේ.බී. එගොඩවෙලේ ප්‍රමුඛ ජේෂ්ඨ නිලධාරීන් මේ අවස්ථාවට එක්ව සිටිය බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ. 

කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක 02 ක් ද අද හඳුන්වා දුන්නා. එම දුරකථන අංක වන්නේ 071 010 71 07 සහ 011 30 71 073