Monday, May 6, 2024

General line - 0115112241

ලෝකය ඉදිරියේදී වුහාන් නගරයක් බවට පත්වේවි : කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් චීනයේ ප්‍රකට වෛද්‍ය විශේෂඥයා අනතුරු අඟවයි




කෝවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය මුල් අවධියේදී වුහාන් නගරයට ඇති කලාක් මෙන් දරුණු තත්ත්වයක් ලෝකය පුරා ඉදිරියේදී ඇතිවීමේ අවධානමක් තිබෙන බව චීනයේ කොරෝනා වෛරසය සම්බන්ධ යෙන් සිටින ප්‍රවීන වෛද්‍ය විශේෂඥවරයා අනතුරු අඟවා සිටිනවා.

වෛරසය පාලනය කර ගැනීමේ ක්‍රියාවලියේ අසමත්කම් දක්වන රටවල් වල තත්ත්වය බෙහෙවින් දරුණු වනු ඇති බවයි කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විශේෂඥවරයෙක් වෛද්‍ය Zhong Nanshan සඳහන් කර සිටියේ.

" චීනයෙන් පිටත මේ වන විට වාර්තා වන කොරෝනා වෛරසයේ පැතිරීම් රටාව චීනයේ වුහාන් නගරයේ සිදුවූ රටාවට සමානකම් දක්වනවා. මේ නිසා වෛරසය පාලනය කිරිමට ගත හැකි උපරිම දේ සිදුකළ යුතුයි" වෛද්‍ය Zhong Nanshan වැඩිදුරටත් සඳහන් කර සිටියා.

චීනයෙන් පිටත මේ වන විට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ රෝගීන් සංඛ්‍යාව  40,000 ඉක්මවන බවත් මරණ අනුපාතය සාමාන්‍ය වශයෙන් 3:2ක් බව ඔහු කියා සිටියා.

" පවතින තත්ත්වය දෙස විමසා බැලුවහොත් වෛද්‍යවරුන් මෙන්ම සමස්ත ලෝකවාසී ජනතාව කොරෝනා වෛරසය ගැන අවධානයකින් සිට නොමැති බව පැහැදිලි වනවා. ඔවුන් තවමත් සිතන්නේ ලොව පුරා සංචාරය කරමින් තමන්ගේ දෛනික කටයුතු පෙර පරිදි සිදුකර ගෙන යාමට බාධාවක් නැති බවයි. 

නමුත් මේ වෛරසය දැන්ම පාලනය නොකළහොත් ඉදිරියේදී එය මිට වඩා දරුණු ආකාරයෙන් නැවත හිස එසවීමේ අවධානමක් තිබෙනවා.

කොරෝනා වෛරසයට එරෙහිව ඉදිරි මාස කිහිපය තුලදී ප්‍රතිජීවක ඖෂධයක්‌ නිපදවන්න හැකියාවක් ලැබේවි කියා සිතිය නොහැකි. ඒ නිසා ලොව සියලු රටවල් කොරෝනා වෛරසයේ පැතිරී යාම වලක්වා ගැනීමට දැඩි ක්‍රියා මාර්ග ගත යුතුයි.

ලොව සියලු රාජ්‍ය නායකයින් චීනය සමග සම්බන්ධකම් පැවැත්වීම වැදගත්. කොරෝනා වෛරසය පාලනය කිරිමේ කටයුතු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට හැකියි" වෛද්‍ය Zhong Nanshan ප්‍රකාශ කර සිටියා.