Monday, May 6, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයෙන් බේරෙන්න බන්ධනගාරත් සීරුවෙන්




බන්ධනාගාර තුළට කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සදහා පියවර ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව විදේශීය සංචාරකයන් බහුලව ගැවසෙන ප‍්‍රදේශ ආශි‍්‍රත පිහිටි බන්ධනාගාර කෙරෙහි මෙහිදි වැඩි අවධානයක් යොමු කරනු ඇති. 

එහිදී මීගමුව, ගාල්ල, මාතර සහ යාපනය යන බන්ධනාගාර ආශි‍්‍රතව විශේෂ සෞඛ්‍යාරක්‍ෂිත වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව එම බන්ධනාගාර ආශි‍්‍රතව රදවා සිිටින විදේශීය රැුදවූවන් වෙනම මැදිරියක රදවා තැබීමට ද තීරණය කර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. අවදානම් සහිත බන්ධනාගාරවලට ඇතුළුවීමේදි රැුදවුවන්ට සහ නිලධාරීන්ට සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රම අනුගමනය කරන ලෙසටයි දැනුම් දි ඇත්තේ.

පවතින තත්ත්වය හමුවේ කොරෝනා වෛරසය බන්ධනාගාර තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට ගත හැකි තවත් ක‍්‍රමවේද පිළිබද සාකච්ඡුා කිරීමට සියළු බන්ධනාගාර අධිකාරීවරුන් මේ වනවිට බන්ධනාගාර මූලස්ථානයට කැදවා තිබෙනවා. 

මේ අතර කොරෝනා වෛරසය බන්ධනාගාර තුළ ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් සිරකරුවන් එක් ලක්‍ෂ විසි හතර දහසක් තාවකාලිකව මුදා හැරීමට ඉරානය ඉකුත්දා පියවර ගත්තා.