Thursday, May 16, 2024

General line - 0115112241

සති දෙකක් ගතවන තෙක් මැතිවරණ රැස්වීම නොපවත්වන්න ඇතැම් පක්ෂ තීරණය කරලා - මැකෝ කියයි (VIDEO)




මහ මැතිවරණය පැවැත්වීමට නම් සියලු පුරවැසියන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂිතව සිටිය යුතු බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටිනවා. 

කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ල ගනිමින් අප්‍රේල් මස  25  වැනිදා දක්වා මහජනතාව රැස්වන  රැස්වීම නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත්  තීරණය කර ඇති බව දන්වා  ඇතැයි  ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  අද (13)  පැවසීය.

ජනතාව කෙරෝනා එළවා දැමුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවනු ඇති බවයි සභාපතිවරයා සඳහන් කර සිටියා. රජයෙන් ලබාදෙන වෛද්‍ය උපදෙස් අනුව මෙහිදී ක්‍රියා කිරීම වැදගත් බවයි ඔහු කියා සිටියේ.

කොරෝනා වෛරසය මැඩලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන් යන වැඩපිළිවෙලට සහය පළකිරීමක් වශයෙන් ඉදිරි සති දෙකක කාලයක් යන තුරු මැතිවරණ ප්‍රචාරක රැළි නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ මේ වන විටත් කැමැත්ත පළකර ඇති බවත් අනෙක් දේශපාලන පක්ෂ සමග ද ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරනා බවයි මෙහිදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ.

ඇතැම් ජනමාධ්‍යවල හැසිරීම සම්බන්දෙයන් හා රජයේ නිලධාරින් දේශපාලන කටයුතු වලට සම්බන්ධවීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබුනත් රජයේ වාහන භාවිතා කිරීම මේ වන විට සම්පුර්ණයෙන්ම අඩුවී ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.