Tuesday, May 7, 2024

General line - 0115112241

වෛද්‍ය උපදෙස් පිළිපදිමින් කොරෝනා අභියෝගයට එකමුතුව මුහුණ දෙමු - අගමැති සියලූ පුරවැසියන්ගෙන් ඉල්ලයි




කොරෝනා වසංගතයට මුහුණ දීමට රජයට නිසි වැඩපිළිවෙළක් ඇති බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ රජය ඒ පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන නිසා ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවයි. 
 

ශ‍්‍රී ලාංකේය ජාතියේ පරිණත බව, දැනුම හා එකමුතු බව පෙරට ගෙන වෛද්‍ය උපදෙස් පිළිපදිමින් මෙම අභියෝගයට මුහුණ දෙන ලෙස ද අග‍්‍රාමාත්‍යවරයා සියලූ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියා. 
 

වෛරසය ආසාදනය වූ රෝගීන් පිළිකුල් කිරීම, ඔවුන්ට විරෝධය පෑම වැනි කි‍්‍රයා මනුෂ්‍යත්වයට නොගැලපෙන බව ද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.