Thursday, May 16, 2024

General line - 0115112241

කොරෝනා වැළඳී ප්‍රංශයේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බහුතරයගේ වයස 60ට අඩුයි  




ප්‍රංශයේ කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 300 ක පිරිසක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කර සිටිනවා.

සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන පුද්ගලයින් ගෙන් සියයට 50 කට අධික පිරිසක් වයස අවුරුදු 60 ට  වඩා අඩු පුද්ගලයින් බවයි.

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ප්‍රංශයේ මරණ 127ක් සහ රෝගීන් 5423ක් වාර්තා වනවා.

ප්‍රංශ රජය මේ වන විට සිය මහජනතාවට පොදු ස්ථානවල රැස්වීමෙන් වළකින්නැයි දැනුම් දී තිබුණත් ජනතාව එම නිතී පිළිනොපදින බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ප්‍රංශයේ පොදු උද්‍යානවල සහ ආපනශාලාවල ඊයේ දිනයේදී මහජනතාව බහුල වශයෙන් ගැවසෙන බවට වන සමාජ මාධ්‍ය වීඩියෝ මේ වන විට අන්තර්ජාලයේ දැකගත හැකියි.

කොරෝනා වෛරසය මේ වන විට රට පුරා පැතිරෙමින් පවතින අතර එය සියලු දෙනාගේ ජීවිතයන්ට තර්ජනයක්. මේ හේතුවෙන් රජය ගෙන ඇති තීරණවලට ගරුකරන්නැයි තමන් සියලු ප්‍රංශ ජාතිකයින් ගෙන් ඉල්ලා සිටින බව එරට සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් රූපවාහිනි සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියා.