Tuesday, April 30, 2024

General line - 0115112241

කොරෝනා නිසා ප‍්‍රංශය යුද පිටියක් වෙයි - රෝගීන් සොයා හමුදා රථ වීථි පුරා




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා ප‍්‍රංශය යුද්ධයකට අවතීර්ණ වී ඇතැයි එරට ජනාධිපති එම්මානුවෙල් මැක‍්‍රන් පවසනවා. ඔහු මේ බව පැවසුවේ ජාතිය අමතා ප‍්‍රකාශයක් සිදු කරමින්. ප‍්‍රංශය මේවනවිටත් සම්පූර්ණයෙන් වසා දමා ඇති නිසා නිවෙස් තුලට වී සිටින ලෙසයි ජනාධිපති මැක‍්‍රන්, ප‍්‍රංශ වැසියන්ගෙන් ඉල්ලීමක් කලේ.

ආහාර හෝ ඖෂධ වල අවශ්‍යතාවකට හැර නිවෙස් වලින් පිටතට නොඑන්නැයි ජනාධිපතිවරයා ප‍්‍රංශ වැසියන්ට දැනුම් දී තිබෙනවා. එවන් කටයුත්තකට හැර නිකරුනේ වීථිවල සැරිසරන පුද්ගලයින්  වෙතොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සදහා පොලිස් නිලධාරින් 100,000 ක් පමණ යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ. 

එලෙස නිකරුනේ සිය නිවෙස් වලින් පිටවන්නන්ට එරෙහිව දඩ මුදල් පැනවෙන බව ද සදහන්. එහෙත් ඒකරාශී වීම්වලින් තොරව සිදු කරන වයායාම් වැනි කටයුතු සදහා නිවෙස් වලින් පිටතට පැමිණීමට ප‍්‍රංශ වැසියන්ට ඉඩ සලසා ඇති බවයි වාර්තා වන්නේ. රෝගී හෝ කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට සැක කෙරෙන පිරිස් රෝහල් කරා රැගෙන ඒමට ප‍්‍රංශ රජය හමුදාව යොදවා තිබෙනවා. ඒ අනුව හමුදාවට අයත් ට‍්‍රක්රථ පැරිස් අගනුවර වීථි පුරා සැරිසරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

මේ අතර යුරෝපා රටවල් සමග පවතින සියලූ දේශසීමා අද මධ්‍යම රාත‍්‍රීයේ සිට වසා දැමීමට ප‍්‍රංශ ජනාධිපතිවරයා නියෝග ලබා දී ඇතැයි සදහන්. එහෙත් එම රටවල සිටින ප‍්‍රංශ වැසියන්ට සිය රට පැමිනීමට තවදුරටත් අවසර හිමි වනවා.
කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අධි අවදානමකට මුහුන පා ඇති යුරෝපානු රටවල් අතර ප‍්‍රංශය ද පෙරමුණේ පසුවනවා. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගනන 6,633 ක්. එරටින් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 148 ක් වනවා.