Monday, December 23, 2024

General line - 0115112241

ට්‍රැෆික් එකට තිත තියන්න – චීනා හැදූ අරුම පුදුම බස් එක මෙන්න(VIDEO)



චීන පර්යේෂකයන් පිරිසක් විසින් අමුතුම බස් රථයක් නිර්මාණය කිරීමට උත්සහ කරමින් සිටින බව පසුගිය කාලයේ විවිධ වාර්තා පළවුණා.

කෙසේ වෙතත් එම උත්සහය මල් ඵල ගන්වමින් ඔවුන් එම බස්රථය නිර්මාණය කර මේ වන විට අත්හදා බලා ද තිබෙනවා.

මෙම බස්රථය ඔවුන් හදුන්වාදෙන්නේ Transit Elevated Bus (TEB) නමින්

මෙම බස් රථය නිර්මාණය කොට තිබෙන්නේ රථවාහන තදබදයට විසදුමක් ලෙසිනුයි.

මෙම රථයට ගමන් කිරීම සඳහා වෙනමම ගමන් පථයක් අවශ්‍ය වන අතර මෙහි විශේෂත්වය වන්නේ පාරේ ගමන් කරන සමාන්‍ය රථවාහනට උඩින් මෙම රථයට ගමන් කළ හැකිවීමයි.

දිගින් මීටර 22 පමණ වන මෙම බස් රථය පලළින් මීටර් 7.8 වන වන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම මගීන් 300 දෙනෙකුට පහසුවෙන් මෙහි ගමන් කළ ද හැකිවෙනවා.

මගීන් 1200 දෙනෙකු එක්වර රැගෙන යා හැකි ලෙස මෙය වැඩිදියුණු කිරිමයි පර්යේෂකයන්ගේ අරමුණ වී තිබෙන්නේ.

එම රථයේ වීඩියෝ පහතින් නරඹන්න