Tuesday, April 30, 2024

General line - 0115112241

චීනයට වඩා වෙනත් රටවලින් වාර්තාවන කොරෝනා රෝගීන් ගණන ඉහලට




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සලකා දේශ සීමා වසා දැමීමට යුරෝපා සංගමය සැලසුම් කර තිබෙනවා. ඒ, අනුව නිදහස් වීසා පහසුකම කි‍්‍රයාත්මක වූ යුරෝපයේ රටවල් 26ක් ඉලක්ක කර මෙලෙස දේශ සීමා වසා දැමෙනු ඇති. රටවල් හරහා සිදු කෙරෙන සංචාර අවම කිරීම මෙහි ප‍්‍රධාන අරමුණයි.

කොරෝන වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් යුරෝපයේ රටවල් රැුසක ජන ජීවිතය මේ වන විටද අකර්මණ්‍ය වී තිබෙනවා. ඉතාලිය මෙන් ප‍්‍රංශයද වසා දමා ඇති අතර පැහැදිලි හේතුවකින් තොරව නිවෙස්වලින් පිටවන්නන්ට දඩයක් පැනවීමටයි තීරණය කර ඇත්තේ. චෙක් ජන රජයේද සියලූ පොදු සේවා වසා දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට චිනයෙන් වාර්තාවන මුලූ කොරෝනා රෝගීන්ට වඩා වැඩි සංඛ්‍යාවක් චීනයෙන් පිට රටවල් වලින් වාර්තාවන බවයි. ඉන් රෝගීන් 27,980ක් වාර්තා වන්නේ ඉතාලියෙන්. ඉරානයෙන් රෝගීන් 16,169ක්, ස්පාඥ්ඥයෙන් රෝගින් 11,279ක් වාර්තා වන අතර අමෙරිකාවෙන්ද රෝගීන් 5,000 කට ආසන්න සංඛ්‍යාවක්ද වාර්තා වෙනවා. අමෙරිකාවේ ප‍්‍රාන්ත 29ක පාසල් දැනටමත් වසා දමා අවසන්.

බහමාස් රාජ්‍යයෙන්ද අද පලමු වරට කොරෝනා රෝගියෙකු වාර්තා වූ අතර අපි‍්‍රකානු කලාපයෙන්ද රෝගීන් 400ක් මේ වන විට වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.