Friday, September 20, 2024

General line - 0115112241

තරුණ ඇමතිගේ ‘නිළි සම්බන්ධයක් ගැන’ තවත් නිළියකගෙන් කතාවක්



මෑත කාලයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක ලේකම් තනතුරක් ලැබුණු තරුණ අමාත්‍යවරයෙකුට ඊයේ(02)පෙරවරුවේ දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

එහිදී විමසා ඇත්තේ තරුණ නිළියක් වන ගයේෂා පෙරේරා සමග ඔහුගේ ඇති සම්බන්ධයක් පිළිබඳවයි.

මේ පිළිබඳව කටකතාව පතුරවා ද ඇත්තේ මෙම අමාත්‍යවරයා සමග සමීප සම්බන්ධයක් තිබූ බව පවසන තවත් නිළියක් විසිනුයි.

එහිදී එම අමාත්‍යවරයා තමන් එම නිළිය සමග අනවශ්‍ය සම්බන්ධයක් නොමැති බවත් ඔය ආරංචිය පතුරුවන නිළිය සමග ද සම්බන්ධයක් නොතිබූ බවත් සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

මේ අතර තරුණ අමාත්‍යවරයා සමග සම්බන්ධයක් ඇතැයි කියන ගයේෂා පෙරේරාට ද එම ඇමතුම ලබා දුන් පුද්ගලයාගෙන්ම ඇමතුමක් ලැබී ඇති අතර එහිදී විමසා ඇත්තේ අමාත්‍යවරයා සමග සම්බන්ධයක් තිබේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ඇය සඳහන් කර ඇත්තේ එම ඇමතිවරයා තම ස්වාමි පුරුෂයාගේ මිත්‍රයෙකු පමණක් බවයි.

මෙවැනි කතා පතුරුවන නිළියගේ නම සඳහන් නොකරමින් ඇය සඳහන් කර ඇත්තේ එවැනි කාන්තාවන්ගේ පුරුද්ද වී ඇත්තේ මෙලෙස කටකතා පැතිරවීම බවයි.