Tuesday, May 7, 2024

General line - 0115112241

චීනයෙන් ශී‍්‍ර ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මූල්‍ය පහසුකමක්




ශී‍්‍ර ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මූල්‍ය පහසුකමක් සැපයීම සදහා චීන සංවර්ධන බැංකුව අද ගිවිසුමකට එළඹුනා. ගිවිසුමට අත්සන් තැබුවේ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල සහ චීන සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වැන් වෙයි යන  නිලධාරීන් දෙදෙනායි.

සහනදායි කොන්දේසි යටතේ සහ සහන පොලී අනුපාතයක් යටතේ වසර 10 කින් ආපසු ගෙවීමේ පදනම මත චීන සංවර්ධන බැංකුව මෙම මූල්‍ය පහසුකම ලබාදී තිබෙනවා.