Thursday, May 9, 2024

General line - 0115112241

අමාත්‍යාංශයට එන්න කියලා කන්න දීලා




අනධ්‍යයන අධ්‍යාපන සංගමයේ සාමාජිකයින් පිරිසක් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිට අද (03) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා එම ස්ථානයට ගොස් ඔවුන් මුණගැසුණු අතර එහිදී අදාළ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට විරෝධතාකරුවන් සියලු දෙනා අමාත්‍යාංශයට කැඳවාගෙන විත් තිබෙනවා. පසුව ඔවුන් වෙනුවෙන් දිවා ආහාරය ද ලබා දී තිබෙනවා.

2013 වසරේදී පළාත් සභා පාසල්වල සේවා ශ්‍රේණි 8 ක් ඉවත් කර ඒ වෙනුවට පාසල් කාර්යය සහායක ලෙස තනි ශ්‍රේණියක් හඳුන්වා දී ඇති බවයි උද්ඝෝෂකයින් පැවසුවේ.

එමගින් ගැටලු රැසක් පැනනැගී ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා. අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පැවසුවේ මේ පිළිබඳ වහාම තොරතුරු රැස්කරන බවයි.